රාජ්‍ය ලාංඡනයත් විකෘති කරයි
State Emblem Alteration & Misrepresentationමේ තියෙන්නේ මහජන ආරක්ෂාව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ‘තාවකාලික’ (අටවපු) පේජ් එක. මේකේ රාජ්‍ය ලාංඡනය දිහාවට පොඩ්ඩක් ඇහැ යවමු. මේක AI වලින් හදල දාන්න තරම් දුර්ලභද ? මෙච්චර ගොන්ද මේවායේ වැඩකරන්නේ.. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අක්‍රියයි - රාජ්‍ය ලාංඡනයේ විකෘති සිංහයෙක් ? (2026-01-09) ධර්ම චක්‍රය වෙනුවට ඇලෝයි වීල් සහ සිංහයා වෙනුවට එළුවෙකුගේ මුහුණක් යොදා තිබීම. මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගෙන් සීඅයිඩී වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එසේම, මාලිමා කාන්තා දින රැස්වීමේදී අගමැති හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය යන නම පවා වැරදියට උච්චාරණය කරමින් ශ්‍රී ලංකාවේ නමත් වෙනස් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ භූගෝලයත් වෙනස් කරයි
Altering Sri Lankan History and Geographyඅගමැති හරිනි අමරසූරිය යුද්ධය අවසන් කලේ 2011 දී බව ප්‍රකාශ කිරීම, රජරට විශ්ව විද්‍යාලය හා භික්ෂු විශ්ව විද්‍යාලය පටලවා ගැනීම. ලංකාවේ දිස්ත්‍රික්ක ගානවත් නොදන්න පොළොන්නරුවේ රාජ්‍ය නායකයා - "දිස්ත්‍රික්ක 26ක ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව කඳවුරු බැඳලා තියෙන්නේ" යැයි පැවසීම. මල්වතු ඔය මඩකලපුවට හැරවූ හඳුන්නෙත්තිගෙන් තවත් හපන්කමක් - ලංකාවේ විශාලම දූපත කච්චතීව් බව පවසමින් මන්නාරම් දූපත (126 වර්ග කි.මී.), වෙලන්ගි දූපත (64 වර්ග කි.මී.) සහ ඩෙල්ෆ්ට් දූපත (47 වර්ග කි.මී.) අමතක කර භූගෝලය වෙනස් කිරීම.
අලුත් අවුරුද්දටත් නැකැත්වලටත් කුඩම්මාගේ සැලකිලි
Neglect of Traditional New Year Auspicious Times78 වන නිදහස් සැමරුම සහ හමුදා උත්තමාචාර මතභේදය
78th Independence Day and Military Honor Controversyආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතා
Public Protests Against the Governmentඇළක් නිසා මයුරපුර මහවැලි කාර්යාලය උණුසුම් වීම - හම්බන්තොට මහවැලි බලප්‍රදේශයට අයත් කැලියපුර ප්‍රදේශයේ මයුරපුර මහවැලි කොට්ඨාස කාර්යාලයට විරෝධය. ප්රශ්නය මැදට ආ මාලිමා මන්ත්‍රීලාටත් විරෝධය (2026-01-05). මාතලේ අංකන්ද ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොරව කුකුල් ගොවිපලක් ඉදිකිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් මාතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපතිවරයාට හූ කියා ගමෙන් පන්නා දැමීම (2026-01-11).
ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතා
Public Protests Against the Governmentආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පත් කරන්න ගිය ඇමති වසන්ත සමරසිංහට වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක් (2026-01-31). බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සිටිනාමලුව කසල අංගනයේ පොලිතින් පිළිස්සීම සම්බන්ධයෙන් සිදුකල උද්ඝෝෂණයට පැමිණි මාලිමා සභාපති ජයන්ත මුතුමාලට ජනතා විරෝධය (2026-03-20). මහර ප්‍රාදේශීය සභාව - මාලිමා ආධාරකරුවකුගේ එක නිවසකට එන වතුර පාරක් නවත්තන්න පාර මැදින් කාණුවක් කපලා (2026-01-09). බියගම ප්‍රාදේශීය සභාවේ ලක්ෂ 23ක් වැය කරලා නිවසකට එන වැහිවතුර නවත්වන්න මහ පාර මැදින් කාණුව කැපීම.
ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතා
Public Protests Against the Governmentපෙරපාසල් ගුරු ප්‍රශ්නයක් විසඳීමට ගිය කන්තලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු සහ දෙමාපියන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වීම. අම්මලාගෙන් ගුටි නොකා අනූනවයෙන් බේරෙයි (2026-06-15). නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව - බගවන්තලාවේ ප්‍රශ්න රැසක් මුල් කරගනිමින් ව්‍යාපාරිකයෝ බගවන්තලාවේ කඩ වසා දමයි. මාලිමා සභාවට එරෙහිව හර්තාල් ආරම්භ කරයි (2026-01-06).
ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතා
Public Protests Against the Governmentදියසෙන්පුරදී මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී විසින් ගොවි සංවිධානයේ නිලධාරීන් පත් කිරීමට අනිසි මැදිහත්වීමක් සිදුකිරීම නිසා ගොවීන්ගේ විරෝධතාවය මැද සභාවෙන් පිටව යාමට සිදුවීම (2026-04-06). මාතර සමූපකාර රෝහලේ පාලන බලය ලබාගැනීම සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය මුල් කරගනිමින් එහි සේවක සේවිකාවන් දැඩි විරෝධතාවල හා වැඩ වර්ජනවල නිරත වීම (2026-04-07). වළං පොළවේ ගසමින් වැල්ලවායේ වෙළෙන්දන් ආණ්ඩුවට දෙස් තැබීම. ආණ්ඩුව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට විතරක් නෙවෙයි අහිංසක වෙළඳුන්ගේ වළං වෙළඳාමටත් වැට බඳී (2026-04-11).
ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතා
Public Protests Against the Governmentමාලිමාවට බලය හිමි බියගම ප්‍රාදේශීය සභාවේ පැවති සභා වාරයකදී ලක්ෂ 7ක ඩීසල් වංචාවක් ඇතුළු මූල්‍ය වංචා චෝදනා ඉදිරිපත් කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය සහ හූ හඬ මධ්‍යයේ සභාපතිවරයා සභාවෙන් ඉවත්ව යාම (2025-05-07 / 2026-05-09). වන අලින්ගෙන් සිදුවන පීඩාවන් සම්බන්ධයෙන් පැවති ජනතා උද්ඝෝෂණ අතරතුර පැමිණි ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. තිලකසිරි මහතාට ගම්වැසියන්ගෙන් එල්ලවූ විරෝධය - “රට අනුරට අලියෝ ගමට” (2026-05-25).
ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතා
Public Protests Against the Governmentහිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීකරණ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට එරෙහිව ඇති වූ විරෝධතාවක් අතරතුර එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් හා හූ හඬක් එල්ල වීම (2026-04-02). ගොවි නායකයන් කියන්නේ කසිප්පු කාරයෝ යැයි පැවසූ පොළොන්නරුවේ රාජ්‍යනායකයා ටී.බී. සරත්ට එරෙහිව පැවති ගොවි විරෝධතා - පඹයෝ හදලා හන්දියේ තියන් විරෝධය පෑම (2026-06-27).